― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇමති ප්‍රසන්නට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අවසන්

ඇමති ප්‍රසන්නට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අවසන්

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර අති නඩුවේ සාක්ෂි විභාගය අද (14) කොළඹ මහාධිකරණය හමුවේ අවසන් විය.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගැනීමට තැත් කළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේදී ගොනු කෙරුණු මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කරන බව දෙපාර්ශවය අධිකරණයට දැනුම් දුන් අතර මෙම නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා මැයි 31 වැනිදා ගොනු කරන ලෙස විනිසුරුවරයා විසින් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය.

2015 වසරේ අප්‍රේල් 06 වැනිදා සහ එම වසරේ ජුනි 02 වැනිදා අතර කාලසීමාව තුළ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍යය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඒ මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද අධිකරණය තීරණය කර තිබේ.