― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආශ්‍රිතව අද (14) අලුයම සිදුව ඇති භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂිත බවය.

ජාතික සහ අන්තර් ජාතික ආයතන සමග එක්ව මෙම නිවේදනය නිකුත් කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආශ්‍රිතව අද අලුයම 2.39 ට මැග්නිටියුඩ් ඒකක 6.8 ක භු චලනයක් සිදුව තිබුණි.