25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම අත්හිටුවයි

ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම අත්හිටුවයි

ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී තිබේ.

ගොඩවැලි කැණීම් මගින් දැවැන්ත පාරිසරික හානියක් සිදුවන වාර්තා වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අම්බලන්තොට වලේවත්ත නැමැති ගම්මානයම මේ වනවිට ගොඩ වැලි කැණීම් නිසා මුළුමනින්ම විනාශව ගොස් ඇති බවද අවධාරණය කළේය.

එමෙන්ම වගා කළ හැකි කුඹුරු ඉඩම් මෙන්ම පොල් ඉඩම් වැනි ආර්ථික වගාවන් සහිත ඉඩම් පවා වැලි කැණීම් නිසා විනාශව ගොස් ඇති අතර ඒ පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් විශේෂ කණ්ඩාමක් යොදවා පුළුල් විමර්ශණයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීමටත් එම වාර්තාවේ නිර්දේශ අනුව ඉදිරි පියවර තීරණය කිරීමටත් යෝජනා වී ඇත.

එතෙක් ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.