26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදේශපාලකයන්ගේ වැරදිවලින් අද මුළු රටක් ප්‍රතිවිපාක විඳිනවා

දේශපාලකයන්ගේ වැරදිවලින් අද මුළු රටක් ප්‍රතිවිපාක විඳිනවා

තමා ඉන්න අකමැතිම තැන පාර්ලිමේන්තුව බවත් දේශපාලකයන් සිදුකරන වැරදිවලින් අද මුළු රටම ප්‍රතිවිපාක විඳින බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පැවසීය.

බන්ධනාගාර රැඳවියන්ගේ කවි සංකල්පනා ඇතුළත් ‘සිපිරිගෙ පාමුල 2’ පොත එළිදැක්වීම වෙනුවෙන් ඉකුත් 11 වැනිදා පස්වරුවේ කොළඹ 7 මහවැලි කේන්ද්‍රයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“දේශපාලකයන්ගේ කතා අහන්න මහජනතාව දැඩි අකැමැත්තක් දක්වනවා. අද රට එවැනි තත්ත්වයකට පත්කර ඇත්තෙත් දේශපාලකයන්මයි. පොයින්ට් එකට කතා කරන හැටි නීතිඥ වෘත්තියේ යෙදෙන අයවලුන්ට උගන්වා තිබ්බත් එහි රිවර්ස් එක ඉගෙන ගන්න නම් පාර්ලිමේන්තුවට ගොස් වාඩිවී සිටිය යුතුමයි. එහි සිදුකෙරෙන්නේ පොයින්ට් එකට එහා ගිය කතා මහ පමණයි. හිරකරුවෝ සිදු කරන වැරදිවලින් දඬුවම් විඳින්නේ ඒ අය. නමුත් මෙරට දේශපාලකයන් සිදුකරන දේවල්වලින් මුළු රටම අද ප්‍රතිවිපාක විඳිනවා. හිරකාරයන් පමණක් වැරදිකරුවන් ලෙස පිළිගැනීමට හැකියාවක් නැහැ. වැරැදි කරන බොහෝ අය අද සමාජය තුළ සිටිනවා. සිරගතව සිටින අයට හිරගත වීමට හේතු කාරණා තිබෙනවා.”