― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාස්කු ප්‍රහාරයේ පෙත්සම් 12 ක් විභාගය ඇරඹේ

පාස්කු ප්‍රහාරයේ පෙත්සම් 12 ක් විභාගය ඇරඹේ

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට බලධාරීන් කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් 12ක් විභාගයට ගැනීම අද (14) ආරම්භ විය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, එල්. ටී.බී. දෙහිදෙණිය, එස්. තුරෙයිරාජා, ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණිනි.

වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට සිටි කැබිනට් මණ්ඩලය සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.

බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ, කතෝලික පියතුමන්ලා තිදෙනෙකු, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයට හසුවූ නීතීඥ මෝදිත ඒකනායක ඇතුළු පිරිසක් පෙත්සම් ගොනු කර තිබිණ.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනුයේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.