29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෙළ පොත් මුද්‍රණයටත් කණ කොකා හඬයි

පෙළ පොත් මුද්‍රණයටත් කණ කොකා හඬයි

නිසි වේලාවට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාළ විය හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

මුද්‍රණ කඩදාසි ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ සහ එහි ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් එම දෙපාර්තමේන්තුවේදී අද (14) පැවැත්විණ.

පාසල් පෙළ පොත් මුද්‍රණය ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර මුද්‍රණ කඩදාසි මිල සියයට 28කින් පමණ ඉහළ යෑම නිසා පෙළ පොත් මුද්‍රණය සඳහා යොදාගන්නා විශේෂිත මුද්‍රණ කඩදාසි සොයා ගැනීම අභියෝගයක් වී තිබේ.

මුද්‍රණ කඩදාසි මිල සියයට 28කින් ඉහළ දැමීමට සිදුවන බව සැපයුම්කාර සමාගම් අද රජයේ මුද්‍රණාලයට දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට කටයුතු කරගෙන යන බව මුද්‍රණාලය පවසයි.

රජයේ මූලික ලියකියවිලි මුද්‍රණය කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවත් ඒ සඳහා මුද්‍රණ කඩදාසි සංචිතයක් පවත්වාගෙන යන බවත් රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ පැවසුවාය.