31.7 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ලේ බෝම්බ සිද්ධියේ විශ්‍රාමික වෛද්‍යවරයා යළි රිමාන්ඩ්

බොරැල්ලේ බෝම්බ සිද්ධියේ විශ්‍රාමික වෛද්‍යවරයා යළි රිමාන්ඩ්

බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අත් අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා ඇතුළු තිදෙනා මෙම මස 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

පසුගිය ජනවාරි 11 වැනිදා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත් බෝම්බයක් සොයා ගැනිණි.

සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන අනුව ෂර්ලි හේරත් නම් විශ්‍රාමික වෛද්‍යවරයා ජනවාරි 18 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.