25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෙලෙන්ස්කී හමුවීමට පුටින් නොඉවසිල්ලෙන්

සෙලෙන්ස්කී හමුවීමට පුටින් නොඉවසිල්ලෙන්

රුසියානු – යුක්රේන යුද ගැටුම් විසඳා ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ෂවයේම සාකච්ඡා පැවැත්වෙන අතර එම සාකච්ඡා සඳහා සහභාගී වන නියෝජිතයන් පවසා ඇත්තේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පමණක් නොව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ද එකිනෙකා හමුවීමට කැමැත්ත පළ කරන බවයි.

දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවේදී පවා යුද ගැටුම් වර්ධනය වෙමින් පවතී. පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් අතර මේ වනවිට දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී සති 03 කට වඩා ගත වී ඇත.

අර්බුදය සම්බන්ධයෙන් රුසියානු නියෝජිතයන් සහ යුක්රේන නියෝජිතයන් අතර සාකච්ඡා වට කීපයක්ද, රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ යුක්රේන විදේශ ඇමැති දිමිත්‍රෝ කුල්බා අතර තුර්කියේ දීද සාකච්ඡා පැවැත්විණි.

එම සියලු සාකච්ඡාවල යම් ප්‍රගතියක් ඇති බවත් තමන්ද යුක්රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවීමට කැමැත්තෙන් පසුවන බවත් රුසියන් ජනාධිපති පුටින් සිය නියෝජිතයන්ට පවසා ඇත.