26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර හිඟයක් අත ළඟ

ආහාර හිඟයක් අත ළඟ

රුසියා – යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් ලෝක ආහාර සැපයුම් දාමයටද දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ යුද්ධය තවදුරටත් ඉදිරියට ඇදී යාමෙන් සංවර්ධය වෙමින් පවතින රටවලට ආහාර සපයා ගැනීමේදී අර්බුදයක් මතුවිය හැකි බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ඌන සංවර්ධිත රටවල් 45ක් සිය තිරිඟු පිටි අවශ්‍යතාවයෙන් සියයට තුනෙන් එකක් යුක්‍රේනයෙන් හෝ රුසියාවෙන් ලබාගන්නා අතර රටවල් 18 ක් සියයට 50 ක අවශ්‍යතාව සපුරාගන්නේ මෙම රටවල් දෙකෙනි. ලෝක තිරිඟු පිටි අවශ්‍යතාවය සියයට 30ක් පමණ යුක්‍රේනය හා රුසියාව අතැතිව පවතී.

ලෝක ආහාර වැඩසටහනේ තිරිඟු පිටි සැපයුමෙන් අඩකට වඩා සපයන්නේද යුක්‍රේනය වන අතර පවතින යුධ ගැටුම් හේතුවෙන් ආහාර, ඉන්ධන, පොහොර මිල ඉහළ යමින් ඇති අතර සැපයුම්දාමද බිඳ වැටෙමින් පවතී.

මෙවන් පසුබිමක සාගින්න සුළි කුණාටුවක් සේ පැතිරෙනු ඇති බවත් ලෝකය ආහාර හිඟයකට ඇදී යනු බවත් එය වැලැක්වීමට සෑම පියවරක්ම ගතයුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් අවධාරණය කරයි.