27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික ආර්ථික සභාවේ සහායට උපදේශක කමිටුවක්

ජාතික ආර්ථික සභාවේ සහායට උපදේශක කමිටුවක්

ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා උපදේශක කමිටුවක් පත්කර තිබේ.

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ එම කමිටුවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

ආර්ථික සභාවට සහාය වන උපදේශක කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ.

  1. මහාචාර්ය එච්.ඩී කරුණාරත්න
  2. මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද
  3. ආචාර්ය දුෂ්නි වීරකෝන්
  4. ධම්මික පෙරේරා
  5. ක්‍රිෂාන් බාලේන්ද්‍ර
  6. අෂ්රෆ් ඔමාර්
  7. ආචාර්ය හාන්ස් විජේසූරිය
  8. විශ් ගෝවින්දසාමි
  9. එස් රෙන්ගනාදන්
  10. රංජිත් පේජ්
  11. සුරේෂ් ද මෙල්
  12. ප්‍රභාෂ් සුබසිංහ
  13. දුමින්ද හුලංගමුව
  14. සුජීව මුදලිගේ

සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපතිවරයා පසුගියදා තීරණය කළ අතර දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදුකිරීම මෙම ආර්ථික සභාවේ අරමුණ වේ.