මෙරට නිෂ්පාදිත සියලු මත්පැන් මිල අද (15) සිට ඉහළ දැමීමට දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබේ.
ඒ අනුව අතිවිශේෂ ලේබලය යටතේ නිකුත් කරන මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 100කින්, මිලිලීටර් 375 රුපියල් 60කින්, මිලිලීටර් 180 රුපියල් 30කින් ඉහළ දැමීමට නියමිතය.
තවද දේශීයව නිෂ්පාදනය කරන සෑම බීර වර්ගයකම ඇසුරුම් මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.