― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ජනපතිගෙන් ඇරයුම්

මෙරට සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ජනපතිගෙන් ඇරයුම්

ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුට (Faisal bin Farhan Al Saud) පවසයි.

සවුදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමග ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් අතර කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුගේ අවධානයට යොමු විය.

ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් එහිදී පෙන්වා දී තිබේ.

තම රාජ්‍යයද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන් කළ සවුදි විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සූදානම් බව පැවසීය. දෙරට අතර අංශ ගණනාවකින් ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහිද එහිදී සාකච්ඡාවට ලක් වී ඇත.