26 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්‍රේන අර්බුදය අවසන් වන දිනය ගැන ඉඟියක්

යුක්‍රේන අර්බුදය අවසන් වන දිනය ගැන ඉඟියක්

යුක්රේනය සමග යුද්ධ කිරීම සඳහා අවශ්‍ය සම්පත් රැසියාවට හිඟ වීම නිසා මැයි මස මුලදී යුද්ධය අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යුක්රේන රජය පවසයි.

යුක්රේන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ උපදේශකයෙකු වන ඔලෙක්සි අරෙස්ටොවිච් මේ බව සඳහන් කර තිබේ.

“අපි සාම ගිවිසුමක් ඇති කර ගත යුතු යැයි මම හිතනවා.” යැයි ඔහු පවසයි. ඉදිරි මාස කිහිපය තුළ සිදුවිය හැකි ප්‍රතිඵල දෙකක් ඔහු පෙන්වා දුන්නේය.

“එක්කෝ සතියක් දෙකක් ඇතුළත හමුදාව ඉවත් කර ගැනීම හෝ සාම ගිවිසුමක් ඉතා ඉක්මනින් ඇති වනු ඇත” යැයි ඔහු පවසයි. මෙය අප්‍රේල් මාසය තුළදී සිදුවෙනු ඇතැයි ඔලෙක්සි විශ්වාස කරයි.