31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට අගාධයට වැටුණේ ආණ්ඩුවේ වැරදි තීරණ නිසා

රට අගාධයට වැටුණේ ආණ්ඩුවේ වැරදි තීරණ නිසා

ජනතාව පෝලිම්වල දුක් විඳින්නේ ආණ්ඩුව විසින් ගත් වැරදි තීරණ හේතුවෙන් ඇති වූ අර්බුදයක් නිසා බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ, 2021 වසරේදී ශ්‍රී ලංකාව ආනයනය සඳහා ඩොලර් බිලියන 20.6ක් වැය කළ ද ඛනිජ තෙල්, එල්.පී. ගෑස්, ගල් අඟුරු සහ ඖෂධ සඳහා වැය කර ඇත්තේ, ඩොලර් බිලියන 4.6ක් බවය.

තමන් ඇතුළු පාර්ශව ඉල්ලා සිටි පරිදි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා රජය සීමා පැනවීමට කටයුතු කළේ නම් ජනතාවට මෙලෙස පෝලිම්වල දුක් විඳීමට සිදු නොවන බව ඔහු වැඩිදුරට ත් සිය ට්විටර් නිවේදනයේ දැක්වේ.