― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරට තුළ ඖෂධ හිඟයක් නැහැ

රට තුළ ඖෂධ හිඟයක් නැහැ

මෙරට තුළ කිසිදු ආකාරයක ඖෂධ හිඟයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

අද (15) රත්මලාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ඇත්තටම ඖෂධ අවශ්‍යතාව බැලුවහම, ගෙනල්ලා තියෙන තොග බැලුවහම කිසිසේත්ම මේ මොහොතේ හිඟයක් ඇතිවෙන්න ක්‍රමයක් නෑ. හැබැයි අපිට පේනවා බෙහෙත් එක්ක සමහරු දේශපාලනය කරනවා. මාධ්‍යවලින් ප්‍රසිද්ධිය ලබාගන්න, ප්‍රවෘත්තිවලට මුණ පෙන්න ගන්න විවිධ අය ඇවිල්ලා බෙහෙත් මෙච්චර නෑ කියලා ප්‍රකාශ නිකුත් කරනවා. එක්කෙනෙක් 20යි කියනවා තව කෙනෙක් 30යි කියනවා. තව කෙනෙක් 50යි කියනවා. ඊට වඩා 100යි කිව්වොත් මාධ්‍යවලින් තැනක් ලැබෙන නිසා තරඟෙට බෙහෙත් නෑ කියනවා සංගීත පුටු තරඟයක් වගේ. නමුත් රටේ තියෙන හා නැති ඖෂධ පිළිබඳ අපි ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන්නේ. අපේ අමාත්‍යාංශය දිනපතා ඒ ගැන සාකච්ඡා කරනවා. ජනතාවට අවම පීඩාවක් එන විදියට කටයුතු කරන්න අපි උපරිමයෙන් කටයුතු කරනවා. හැබැයි බෙහෙත් නෑ නෑ කිය කියා යනකොට ඒකෙන් දේශපාලන වාසි ගන්නකොට මිනිස්සු කල්පනා කරනවා ඇත්තටම බෙහෙත් නෑ කියලා. අපිට ඕන බෙහෙත් මාස 6කට – 7කට ගෙනල්ලා තියා ගන්න ඕනේ කියලා. එහෙම ගියාම තමා බෙහෙත් ටික කෘතිම විදියට ඉවර වෙන්නේ.”