32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅද විදුලිය කැපිල්ල මෙහෙමයි

අද විදුලිය කැපිල්ල මෙහෙමයි

අද (16) දිනයේ පැය 05කට අධික විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

අද පෙරවරු 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ කලාප දෙකක් යටතේ විදුලි කප්පාදුව සිදුකරන බව එම කොමිසම සඳහන් කළේය.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L යන ප්‍රදේශ සඳහා පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ පැය දෙකයි මිනින්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරනු ඇත.

එම ප්‍රදේශ සඳහා පස්වරු 06.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ ද පැය 02ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේය.

මීට අමතරව P,Q,R,S,T,U,V,W යන ප්‍රදේශ සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා කාලය තුළ පැය තුනක කාලයක් සහ පස්වරු 05.30 සිට පස්වරු 11.00 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු සිදුකෙරේ.