25 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර් නැතුව ඩීසල් නැවක් වරායේ

ඩොලර් නැතුව ඩීසල් නැවක් වරායේ

ඩීසල් සහ ගුවන් යානා තෙල් සහිත නෞකාවක් නිදහස් කරගැනීමට නොහැකිව දින හතරක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නතර කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පවසයි.

එම නෞකාව තුළ ඩීසල් සහ ගුවන් යානා තෙල් මෙට්‍රික් ටොන් 20,000 බැගින් ඇති අතර එම නෞකාව නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 50කට ආසන්න මුදල ලබාගැනීමට සාකච්ඡා කරමින් පවතී.

එම නෞකාවට දිනක ප්‍රමාද ගාස්තුව ලෙස ඩොලර් 19,000ක් ගෙවිය යුතුව ඇත. ඒ අනුව ප්‍රමාද වන දින ගණනට අදාළව ලංකාව විසින් ගෙවිය යුතු මුදලද ඉහළ යයි.