28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් බෙදාහැරීම නවතී

තෙල් බෙදාහැරීම නවතී

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සම ලේකම් ඩී.වී.එස් සිල්වා පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් සිය ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස ඛනිජ තෙල් සංස්ථාවෙන් කළ ඉල්ලීමට නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් එම තීරණයට එළඹි බවයි.

ඔහු වැඩිඩුරටත් මෙසේද කීය.

“ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ටැංකි රථ ධාවනයෙන් ඉවත්වීමට අපි විධායක සභාව තීරණය කළා ඊයේ රාත්‍රියේ තිබුණු රැස්වීමකින් අනතුරුව. ඊට හේතුව ඉන්ධන වැඩිවීමත් සමග ප්‍රවාහන ගාස්තු 60%කින් වැඩි කරන්න ඉල්ලුවා. සංස්ථාව මගින් කරලා තියන්නේ, ඉන්ධන මිල වැඩිවීම පමණක් ගැන හිතලා ඩොලරයේ අගය අනෙක් සියලුම වියදම් ගැන සලකා බලන්නේ නැතිව 17%කින් වැඩිකරලා තියෙනවා. ඒකට අපි එකඟ නැහැ කියලා ලිඛිතව දැනුම්දුන්නා. ගිය සඳුදා ඒ අයට දැනුම් දුන්නා සතියක් ඇතුළත මේකට විසඳුමක් දෙන්න කියලා ඒක අදින් ඉවරයි. ඊට පස්සේ විධායක සභාව ඒකමතිකව තීරණය කළා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත්වෙන්න මිල සංශෝධනයක් ලබා දෙනතෙක්.”