32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිමුත් හොඳම පිතිකරුවන් පස් දෙනා අතරට

දිමුත් හොඳම පිතිකරුවන් පස් දෙනා අතරට

සිය ටෙස්ට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණරත්න සමත්විය. ඒ නිමාවට පත්වූ ඉන්දීය තරගාවලියේදී ශතකයක් සමගින් ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි.

මේ අනුව දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3ක් ඉදිරියට පැමිණ පස්වැනි ස්ථානයට පත්ව තිබේ.

නවතම ශ්‍රේණිගත කිරීම්ල කැපී පෙනෙන සිදුවීම වන්නේ ඉන්දීය හිටපු නායක විරාත් කෝලි ස්ථාන 4ක් පසුපසට පැමිණ 9 වැනි ස්ථානය දක්වා පහළ බැස තිබීමයි.

පාකිස්තාන නායක බාබර් අසාම් ස්ථානයක් ඉදිරියට පැමිණ අටවැනි ස්ථානයට පත්ව තිබේ.ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියානු පිතිකරු මානුස් ලබාස්චේන් පෙරමුණේ පසුවෙයි.