― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපාස්කු ප්‍රහාරයේ වන්දි නඩු 109ක් විභාගයට

පාස්කු ප්‍රහාරයේ වන්දි නඩු 109ක් විභාගයට

පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් හා සදාකාලික ආබාධිත වූවන් විසින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු 109ක් සම්බන්ධයෙන් උත්තර ගොනු කිරීම සඳහා එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් වෙත කොළඹ දිසා අධිකරණය විසින් දිනයක් ලබා දුන්නේය.

මෙම නඩු අද (16) කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර නඩුවට අදාල උත්තර ගොනු කිරීමට නියමිතව තිබුණද විත්තිකරුවන් විසින් ඒවා ගොනුකර තිබුණේ නැත.

ඒ අනුව අදාළ උත්තර මැයි මස 02 වැනිදා ගොනු කරන ලෙස දන්වමින් අතිරේක දිසා විනිසුරුවරිය විසින් අවසන් වරට වගඋත්තරකරුවන් වෙත දින ලබා දුන්නාය. හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා නීතිපතිවරයා මෙම නඩුවල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් විත්තිකරුවන්ගෙන් වන්දි ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත් වින්දිතයින් 109 ක් විසින් මෙම නඩු ගොනු කර තිබේ.