26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි IMF සහය ගන්නවා

අපි IMF සහය ගන්නවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාව අවස්ථා 16කදීම ජාත්‍යන්තර අරමුදල වෙත ගොස් ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) රූපවාහිනි වැඩසටහනකට එක්වෙමිනි.

“කොච්චර දුර ගයත්, කොච්චර කතා කළත් ආපහු කැරකිලා එන්නේ එතනටමයි. කවදාවත් ඇත්ත කතා කරන්නේ නෑ. විෂයානුබද්ධ නැති සාමාන්‍ය ජනතාවට කිව්වට තේරෙන්නේ නෑ. මේක විෂයක් ඒ සඳහා වන වගකීම පවරලා තියෙනවා.

ඒකට පනතක් ගෙනත් තියෙනවා. ඒක වැරදි විදිහට සංශෝධනය කරලා තියෙනවා නිලධාරීන් හා වෙනත් දේශාපලන උවමනා එපාකම් අනුව. ඒ වැරැද්ද අපි නිවැරදි කරන්න ඕන. වැරැද්දක් වුණා කියලා අපි පිළිගන්න ඕන.”