― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඅර්බුදකාරි තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් ලෙස එක්වන්නැයි ජනපති ඉල්ලයි

අර්බුදකාරි තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් ලෙස එක්වන්නැයි ජනපති ඉල්ලයි

අධෛර්යමත් නොවී අර්බුදකාරි තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

“ඔබ මගෙන් ඉල්ලා සිටියේ, සුරක්ෂිතබව, විනය, නූතන දියුණු රටක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, මගේ ධූර කාලයෙන් වසර දෙකක්ම කැප කළේ, වසංගතයෙන් ඔබ සහ ඔබේ දරුවා ආරක්ෂා කර ගන්නයි. නිරෝගී වූ මව්බිම ඇතුළේ මගේ ඉදිරි ධුර කාල සීමාව මුල් අරමුණ වෙනුවෙන් කැප කරනවා. ඇමති මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන්, රාජ්‍ය සේවකයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ, දරුවන්ට හොඳ රටක් ලබා දීමේ අපෙන් අපේක්ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අධිෂ්ඨානගතව කැප වෙන්නටයි.”

ජනාධිපතිවරයා කියා සිටියේ, ජනතාව තමන් කෙරෙහි තැබූ අසීමිත විශ්වාසය කිසිවිටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් එය ආරක්ෂා කරන බවයි.

ජනතාව වෙනුවෙන් තමන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, තමන් ජනතාවගේ අසීරුතා හොඳින් හඳුනන්නෙකු බවයි.

”අද තිබෙන අසීරු තත්ත්වය අප රටට පමණක් මුහුණදීමට සිදුවූවක් නොවේ. මුළු ලෝකයම නොයෙක් පීඩාවලට ගොදුරු වී සිටිනවා.කොවිඩ් වසංගතය නිසා ඉහළ නැංවූ නැව් ගාස්තු, භාණ්ඩ මිල ඉහළයෑම, යම් යම් භාණ්ඩවල හිඟයන් යන මේ සියල්ල අපේ පාලනයෙන් තොරයි. එනමුත් අප ජනතාවගේ පැත්තෙන් බලා සහනශීලි පිළිවෙතක් අනුගමනය කරනවා. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එක්ක නොවේ.ඒදා මේ අර්බූදය නිර්මාණය කරන්නට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටියදී මා උත්සාහ කරන්නේ, මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහන ලබා දෙන්නයි.”

ජනතාවගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟකම සහ මිල වැඩිවීම් ගැන තමාට හොඳින් වැටහෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ගෑස් හිඟකම, ඉන්ධන හිඟකම මෙන්ම විදුලිය ඇනහිටීම වැනි ගැටලු පිළිබඳවත් තමා හොඳින් දන්නා බවයි.

තව ද තමන් ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම තමන් භාර ගන්නා බවත් ජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට තමන් දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කර ගෙන සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග සිදු කළ සාකච්ඡා පිළිබඳ අදහස් පළ කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, වාසි අවාසි අධ්‍යනය කොට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව කටයුතු කිරීමට තමා තීරණය කළ බවයි.