― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඇළට වැටුණු අලි දෙදෙනා ගොඩ ගත් අයටම පහර දෙයි

ඇළට වැටුණු අලි දෙදෙනා ගොඩ ගත් අයටම පහර දෙයි

පොළොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේදී අද (17) අලුයම ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනෙකු ගොඩට පැමිණීමත් සමඟ ඉන් එක් අලියෙකු අසළ තිබූ යතුරු පැදියට පහර දී විනාශ කර කාලිංගවිල රක්ෂිතයට පලා ගිය බව වැලිකන්ද වනජීවී නිලධාරීන් පවසයි.

බීමට ජලය සොයා පැමිණි එම අලි දෙදෙනා වැලිකන්ද මෛත්‍රීගම ප්‍රදේශයෙන් ඉසෙඩ් ඩී ඇළට වැටී ඇති අතර වැලිකන්ද වනජීවී නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශ්වාසීන් එක්ව එම අලි දෙදෙනා ගොඩගැනීම සඳහා පැය දෙකක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

එක් අලියෙකු ඉසෙඩ් ඩී ඇළේ කොන්ක්‍රීට් පඩිපෙළ හරහා ගොඩට විත් කාලිංගවිල රක්ෂිතයට පලා ගිය අතර අනිත් අලියා ගොඩගැනීමට වනජීවී නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය සූදානම් වීමත් සමග තවත් යකඩ පඩිපෙළකින් අනෙක් අලියා ගොඩටවිත් අසළ තිබූ යතුරු පැදියට පහරදී අලිවැට කඩාගෙන කාලිංගවිල රක්ෂිතයට පලා ගොස් තිබේ.

වනජීවී නිලධාරීන් පැමිණි කැබ් රථය පිටුපස මෙම අලියා ලුහුබැද පන්නන්නට උත්සාහ කිරීමත් සමඟ අහසට වෙඩි තබා එය මෙල්ල කිරීමට වනජීවී නිලධාරීන් සමත් වී ඇති අතර ඉන් අනතුරුව අලියා කාලිංගවිල රක්ෂිතයට පලවා හැර තිබේ.