― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකැනඩාව හා ඔස්ට්‍රේලියාවෙනුත් ලංකාවේ සංචාරය නොකරන්නැයි අනතුරු අඟවයි

කැනඩාව හා ඔස්ට්‍රේලියාවෙනුත් ලංකාවේ සංචාරය නොකරන්නැයි අනතුරු අඟවයි

කැනඩාව හා ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව ඔවුන්ගේ සංචාරකයන්ට අනතුරු අඟවා තිබේ.

ඔස්ට්‍රේලියානු රජය ඔවුන්ගේ සංචාරකයන්ට අනතුරු අඟවා ඇත්තේ ශ්‍රී ලංකාවේ මේ දිනවල ක්‍රෙඩිට් කාඩ් වංචාවන් සහ අසාධාරණ ලෙස මුදල් අයකිරීම් බහුලව සිදුවන බවයි. විදේශිකයන් ඉලක්ක කොට ව්‍යාජ භාණ්ඩ අලෙවියද සිදුවන බවත් ඒ අතරින් මැණික් හා ස්වර්ණාභරණ විශේෂ බවද ඔවුන්ගේ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම විදෙස් කාන්තාවන්ට වාචිකව හා කායිකව සිදුකරන හිරිහැර පිළිබඳව දිගින් දිගටම වාර්තා වන බවත් ඔවුන් වාර්තා කරයි. ඇතැම් අවස්ථාවලදී එම හිරිහැර ලිංගික අතවරයන් දක්වා වර්ධනය වන බව හා බොහෝවිට මෙවැනි සිදුවීම් බස් රථ, දුම්රිය ස්ථාන හෝ ජනාකීර්ණ ස්ථානවලදී සිදුවන බැවින් ශ්‍රී ලංකාවේ වීදි තුළ ගමන් කිරීමේදී තනිවම ගමන් නොකොට කුඩා කණ්ඩායම් ලෙස ගමන් කරන ලෙසට ඔවුන් සංචාරකයන්ට අනතුරු අඟවා ඇත.

ඔස්ට්‍රේලියානු රජයේ නිල වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හැකිනම් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේ සැලසුම වෙනස් කරගන්නා ලෙසයි.

කැනඩාවේ රජයද නිවේදනයක් නිකුත් කර සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේදී ආහාර, ජලය හැකි පමණ ළඟ තබාගන්නා ලෙසයි. ප්‍රමාණවත් ලෙස ඖෂධ කැනඩාවෙන් රැගෙන යාමට වගබලාගන්නා ලෙසද එරට රජය දන්වා ඇත. එක්සත් රාජධානිය, රුසියාව සහ ඉන්දියාවට පසු ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක රට වන බැවින් පාස්කු ප්‍රහාරයෙන් මෙන්ම කොවිඩ් අර්බුදයෙන් සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා මෙන් වර්තමානයේදී විදේශ විනිමය අර්බුදය හේතුවෙන් තවදුරටත් සංචාරක කර්මාන්තය කඩාවැටෙනු ඇති බව එම වෙබ් අඩවි සඳහන් කරයි.