27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWeatherධීවර ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්

ධීවර ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදේ මධ්‍යම ප්‍රදේශය ආශ්‍රීතව පැවතුන අඩුපීඩන කලාපය මේ වනවිට ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ධීවර ප්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළයුතු බවයි. එම අඩුපීඩන කාලපය ඉදිරි පැය 24 තුළ නැගෙනහිරට බරව ඊසාන දෙසින් අන්දමන් මුහුද දෙසට ගමන් කර තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඉහත මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සුළඟේ වේගය පැ.කි.මී. 40ත් 50ත් පමණ වන අතර විටින්විට පැ.කි.මී. 60 දක්වා ඉහළ යා හැකි බවත් විටින්විට එම මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.