― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමල්ලි විතරක් නෙවෙයි අයියත් හොඳටම කරලා

මල්ලි විතරක් නෙවෙයි අයියත් හොඳටම කරලා

මේ වනවිට දරුණු විදේශ මූල්‍ය අර්බුදයක් ඇති වීමේ මූලාරම්භය, 2007 වසරේදී ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකින් හෙළි වී තිබේ.

මෙම ප්‍රකාශය ඔහු සිදුකර ඇත්තේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටි 2019 මැයි 23 වනදාය.

ඔහු කළ ප්‍රකාශය “මහින්ද රාජපක්ෂ යුගයේ පළමුවෙන් ස්වෛරිත්ව බැඳුම්කර හඳුන්වා දුන්නේ 2007දී. 2007දී ගත්තා ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. ඊට පස්සේ 2009දී ගත්තා ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. 2010දී ගත්තා ඇමරිකානු ඩොලර් මිලියන 1000ක්. 2011දී ගත්තා ඇමරිකානු ඩොලර් මිලියන 1000ක්. ඊට පස්සේ 2014දී ගත්තා ඇමරිකානු ඩොලර් මිලියන 1500ක්. අවුරුදු 08ක් තුළදී මහින්ද රාජපක්ස රජය ස්වෛරිත්ව බැඳුම්කර නිකුත්කරලා ලබා ගත්තා ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක්.” යනුවෙන් එදින හැන්සාඩ් වාර්තා වේ සඳහන් වෙයි.

මේ අනුව මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජාත්‍යන්තර වාණිජ ණය විශාල වශයෙන් ලබා ගත් බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සනාත කර ඇත. එහෙත් ඔහු ඉදිරිපත් කර තිබෙන ඩොලර් බිලියන 5.5 ඉක්මවූ වාණිජ ණය තොගයක් 2007 වර්ශයේ සිට ලබාගෙන ඇත.

2007 අවසන් වනවිට මෙරට ලබා ගෙන තිබූ මුළු විදේශ වාණිජ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 2,084කි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය 2014දී අවසන් වනවිට මුළු විදේශ වාණිජ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 12,302ක් දක්වා ඉහළ නැග තිබිණි.

බන්දුල ගුණවර්ධන වර්තමාන ඇමතිවරයා එදා සඳහන් කර තිබූ ඩොලර් බිලියන 5.5 වෙනුවට සත්‍ය වශයෙන්ම ඩොලර් බිලියන 10.218ක් ලබාගෙන තිබිණි. මේ අනුව මහින්ද රාජපක්ෂ පාලන සමයේ වසර 8ක් තුළ අති විශාල විදේශ වාණිජ ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව තහවුරු වේ.

(lankatruth.com)