26.1 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන්න කිව්වේ නැහැ

මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන්න කිව්වේ නැහැ

මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා පවසා නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ එවැනි වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

එම නිවේදනය මෙසේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි මාගේ උපරිම විශ්වාසය ඇති අතර, රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියාකරයි.

ඓMF දූත පිරිස, නිලධාරීන් ගැන සාකච්ඡා නොකළ අතර, මහ බැංකු අධිපති කබ්රාල් මහතා ද සහභාගි වූ එම හමුවේ දී සාකච්ජාවට ලක් වූයේ මුල්‍යමය ගැටළු පිළිබඳ පමණි.

මෙවැනි අසත්‍ය සහ ව්‍යාජ වාර්තා වලින් අධෛර්යයට පත් නොවන ලෙසත්, අප රටේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් අඛණ්ඩව ඉටුකරගෙන යන ලෙසත් මම මහ බැංකු අධිපති කබ්රාල් මහතා වෙත පෞද්ගලිකව දන්වා ඇත.