23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරටේ අර්බුද ගැන ජනපතිට ගානක්වත් නෑ

රටේ අර්බුද ගැන ජනපතිට ගානක්වත් නෑ

රටේ පවතින අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නොමැති බව ඊයේ ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් බව යළි යළිත් තහවුරු වන බවත් රට තවදුරටත් විනාශ නොකර තමන් කැමති කණ්ඩායමකට රට භාරදීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් රටේ ප්‍රශ්න ආමන්ත්‍රණය නොකළ බවත් ඒ සඳහා කිසිඳු විසඳුමක් ඉදිරිපත් නොවූ බවත් ඔහු එහිදී කීවේය.