― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews1996 ලෝක කුසලානයට වසර 26ක් සපිරෙයි

1996 ලෝක කුසලානයට වසර 26ක් සපිරෙයි

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා නාමය ලෝකයේ ඉහළටම ඔසවා තැබූ ඓතිහාසික දිනයේ 26 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා.

ටෙස්ට් ක්‍රිකට් වර්ණ දිනා ගැනීමට පමණක් දෙවැනි වන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය ජයග්‍රහණය වන්නේ 1996 එක්දින ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමයි.

96 වසරේ මාර්තු 17 වැනිදා පකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේදී මාක් ටේලර් ප්‍රමුඛ ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් පරාජයට පත් කරමින් අර්ජුණ රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම එම ඓතිහාසික ජයග්‍රහණය අත්පත් කර ගත්තේය.

1992 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකාව තවත් වසර 04 ක් ඉක්ම යද්දී එක්දින පිටියේ කිරුළු පැළඳීමට සමත් විය. විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන් ඉදිරියට ගිය පළමු ලෝක කුසලාන තරගාවලියද එය වීමයි.

96 තරගාවලියෙන් පසු අවස්ථා දෙකකදී එක්දින ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර අවස්ථා දෙකේදීම අනුශූරතාවයෙන් සෑහීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

එදා ලබාගත් ජයග්‍රහණය අද වඩාත් වැදගත් වන්නේ, මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට තබා ලෝක කුසලාන තරගාවලි සඳහා සුදුසකම් ලබා ගැනීමටද දැඩි සටනක් ලබාදීමට සිදුව ඇති නිසාය.