29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialඅපේක්ෂාවට ලක්ෂ 12ක් පරිත්‍යාග කළ ස්පින් රයිඩර්ස්

අපේක්ෂාවට ලක්ෂ 12ක් පරිත්‍යාග කළ ස්පින් රයිඩර්ස්

ස්පින් රයිඩර්ස් ක්ලබ් එක කියන්නේ ලංකාවේ විශාලතම අධිබල යතුරුපැති හිමිකරුවන්ගේ සංගමයක්. ඔබුන් පසුගිය දිනෙක කන්ඩායමක් වශයෙන් එකතු වී සංචාරයක නිරත වුනා. මේ සදහා මෝටර් බයිසිකල් විශාල ප්‍රමාණයක් එකතු වුනා. ඒ රැලියෙන් පසු ඔවුන් මහරගම අපේක්ෂා රෝහලට ලක්ෂ 12ක මුදල් පරිත්‍යාගයක් ද සිදු කළා.

එපමණක් නොව කල්පිටිය ප්‍රදේශයේ පාසල් ලමුන් 108 දෙනෙකු සදහා ලක්ෂ 5කට ආසන්න පාසල් උපකරණ සහ පොත් බෑග් පරිත්‍යාග කිරීමටද ඔවුන් මේ වනවිට සියල්ල සූදානම් කර අවසන්.

බොහෝ දෙනා මුහුණුපොතේ ඒ සම්බන්ධව ධනාත්මක අදහස් පළ කර තිබුණු අතර පිරිසක් කියා සිටියේ මෙම ඉන්ධන අර්බුධයන් හමුවේ මෙම කණ්ඩායම සිදු කළ ක්‍රියාව අනුමත නොකරන බවයි.