― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්වයක්

ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්වයක්

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අසළට රැස්වීම නිසා උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කළ එම විරෝධතා පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණීමත් සමඟ කොළඹ කොටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

“තෙල් පෝලිම් එපා. ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු” යන තේමාව යටතේ මොවුන් විරෝධයේ නිරත වෙයි.