― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඩොලර් අර්බුදයට ජනාධිපතිවරයා පළි නෑ

ඩොලර් අර්බුදයට ජනාධිපතිවරයා පළි නෑ

රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ජනපතිවරයා ඩොලර් අච්චු ගැසිය යුතුදැයි ආණ්ඩුව විවේචනය කරන අයගෙන් තමා අසන බවත් මහජනයා ආණ්ඩුවට බලය ලබාදී තිබෙන්නේ අවුරුදු 2 කට නොව 05 කට බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

මෙම වසර අවසානයේදී රටට සුභදායී කාලයක් උදා වන බවට එහිදී අමාත්‍යවරයා අනාවැකියක්ද පළ කළේය. මේ වසර අගදී රටට ඩොලර් ලැබීම ක්‍රමයෙන් වැඩිවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ ඒ ඩොලර් ලද විගස ජනතාවට සහන ලබා දෙන බවයි.

අනිවාර්යෙන්ම තෙල් මිල අඩු කරන බවත් විදුලි කපාදුව නවත්වමින් ගෑස් පෝලිම් නැති කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ ප්‍රශ්න විසඳාගන්නා තෙක් ජනතාවට ඉවසීමෙන් සිටින්නැයි අමාත්‍යවරයා උපදෙස් දෙයි.