29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතෙල් නැතුව සපුගස්කන්ද පිරිපහදුව වැසෙයි

තෙල් නැතුව සපුගස්කන්ද පිරිපහදුව වැසෙයි

අනිද්දා (20) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසාදැමීමට සිදුවන බව වෘත්තීය සමිති පවසයි.

තෙල් පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග ආනයනය කර නොමැති බැවින් දින නියමයකින් තොරව තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බව ඔහු අවධාරණය කරයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුවහොත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය තවත් තීව්‍ර වන අතර භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන පවා ආනයනය කිරීමට සිදුවනු ඇත. මීට අමතරව තෙල් පිරිපහදුව වසා දැමීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන දැවිතෙල් මෙට්‍රික් ටොන් 2000 ක ප්‍රමාණයක් අහිමි වන බවත් ඒ අනුව විදුලි නිෂ්පාදනය තවදුරටත් සීමා කිරීමට සිදුවන බවත් ආනන්ද පාලිත ප්‍රකාශ කළේය.

තෙල් පිරිපහදුව වසා දැමුවද වරින් වර නඩත්තු කටයුතු සිදු කිරීමට සිදුවන බැවින් ඒ සඳහා සේවකයන්ට අතිකාල ගෙවීමටද සිදුවන බවත් එය දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ඛනිජ තෙල් සංස්ථාවට අමතර බරක්ද වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.