― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපාර්ලිමේන්තුවේ කෑමට කෝටි 09ක් - ජල හා විදුලි බිල කෝටි 08ක්

පාර්ලිමේන්තුවේ කෑමට කෝටි 09ක් – ජල හා විදුලි බිල කෝටි 08ක්

පාර්ලිමේන්තුවේ කෑම සඳහා වාර්ෂිකව වැය වන මුදල කෝටි 09ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ එහි අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා වන මුදල මෙලෙස ඉහළ ගොස් ඇති අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම වියදම් තවදුරටත් ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ පවසයි.

2020 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා රුපියල් අටකෝටි හැත්තෑඅට ලක්ෂ විසි අටදහස් අසූ දෙකක මුදලක් වැය කර ඇති බව පාර්ලිමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවක දැක්වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජල බිලද රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇත. 2020 වසරේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජලය සැපයීම වෙනුවෙන් රුපියල් හත් කෝටි හතළිස් හයලක්ෂ විසිපන්දහස් තුන්සිය විසි තුනක් වැය වී තිබේ.

පවතින ආර්ථික තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මෙම වියදම් හැකිතාක් සීමා කරන ලෙස රජය එහි ප්‍රධානීන්ට දැනුම්දී ඇත.