30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙට්‍රල් පෝලිම් අදින් අවසන්?

පෙට්‍රල් පෝලිම් අදින් අවසන්?

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් අනිද්දා මෙරටට ළඟා වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය ණය ගිවිසුමට අදාළව මෙම ඉන්ධන තොගය ලැබීමට නියමිතය.
මෙරටට ළඟා වන අදාළ නෞකාවේ ඇති ඩීසල් තොග සඳුදා වන විට ගොඩබෑමට සියලු කටයුතු සුදානම් කර ඇති බව අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය.

එම තොග ලැබීමත් සමග පවතින අර්බුදය කළමනාකරණය කිරීමට හැකි වන අතර ජනතාව අනවශ්‍ය තොග රැස්කිරීම හමුවේ තොග කළමනාකරණය ගැටලුවක් වී ඇති තිබේ.

රට තුළ ප්‍රමාණවත් පෙට්‍රල් තොග පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. මේ වන විට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 55,000 කට අධික තොගයක් සංචිත ලෙස පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

දැනට ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇති පෙට්‍රල් පෝලීම් අද අවසන් වනු ඇතැයිද බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.