28.4 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද්ධය නවතන්න පුටින්ගෙන් කොන්දේසි 06ක්

යුද්ධය නවතන්න පුටින්ගෙන් කොන්දේසි 06ක්

රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් යුක්රේන යුද්ධය අවසන් කර සාමය උදා කර ගැනීම සඳහා කොන්දේසි 06 ක් ඉදිරිපත් කර තිබේ. ඒබීසී පුවත්පතට අනුව යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි 6 පහත පරිදි වේ.

1.යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා නොගත යුතු අතර කිසිවෙකුටත් පක්ෂපාතී නොවූ මධ්‍යස්ථ රටක් ලෙස යුක්රේනයේ නිල ස්ථාවරය වෙනස් විය යුතු වේ.

2.ක්‍රයිමියා අර්ධද්වීපය රුසියානු භූමියක් ලෙස යුක්රේනය පිළිගත යුතු වේ.

3.ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ජනරජ සමුහාණ්ඩු නිදහස් රාජ්‍යයන් ලෙස පිළිගත යුතු වේ.

4.රුසියාවට තර්ජනයක් වන සියලුම අවි ආයුධ යුක්රේනය බිම තබා නිරායුධ විය යුතුය.

5.යුක්රේනයේ ජාතිවාදී අදහස් වෙනස් විය යුතු අතර කලින් ජනාධිපති පුටින් පැවසූ පරිදි යුක්රේනයේ රජය වෙනස් විය යුතුය.

6.යුක්රේනයේ දෙවැනි නිල භාෂාව රුසියානු භාෂාව විය යුතු අතර එයට බාධා වන නීති යුක්රේනය විසින් ඉවත් කළ යුතුය.

පෙබරවාරි 24 දින රුසියාව විසින් යුක්රේනයේ හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමග මේ දක්වා රුසියාවට ජාත්‍යන්තර සම්බාධක රාශියකට මුහුණ දීමට සිදු වී ඇත.

මෙම යුද මෙහෙයුම අවසන් කිරීම සඳහා පුටින් විසින් මෙම කොන්දේසි 6 ඉදිරිපත් කරනු ලැබුවත් යුක්රේන රජය පැවසුවේ රුසියාවේ මෙම කොන්දේසි යථාර්ථවාදී නොවන බවය.