25 C
Colombo
Monday, October 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනයනික කිරිපිටි මිලත් අහස උසට නගී

ආනයනික කිරිපිටි මිලත් අහස උසට නගී

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වාද ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වාද වැඩි කර තිබේ.

පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙත පසුගිය 07 වැනිදා කළ ඉල්ලීමට අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 260කින් ඉහළ යනු ඇතැයි කිරිපිටි ආනයනකරුවෝ පවසති.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ යාම සහ ඇමෙරිකා ඩොලරයක වටිනාකම රුපියල් 202 සිට රුපියල් 280 දක්වා වැඩිවීම හේතුවෙන් ආයනයන කිරිපිරි මිල වැඩිකිරීමට සිදුව ඇතැයි එම සමාගම් කියයි.