දුම්රිය ගාස්තු සශෝධනයට අදාළ වාර්තාව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රවාහන අමාත්‍යංශයට භාර දී තිබේ.
ඒ අනුව එළැඹෙන සඳුදා වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර මගී ජනතාවටත් විශාල පාඩුවක් නොවන ආකාරයෙන් ගාස්තු පිළිබද තීරණය ගැනීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේය.
ඊට අදාළ යම් සශෝධනයක් වුවහොත් එය කල්තියා දැනුම් දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.