30 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පෝළිමකදී ඇද වැටී මිය ගිය දෙවන මරණය කඩවතින්

ඉන්ධන පෝළිමකදී ඇද වැටී මිය ගිය දෙවන මරණය කඩවතින්

කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයකු අද (20) දහවල් ඇද වැටී මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝළිමක සිටි අයෙකු එලෙස ඇද වැටී මියගොස් ඇති බවය.

ඇද වැටුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

70 හැවිරිදි එම පුද්ගලයා මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටියදී ඇදවැටී මියගිය මෙරට දෙවන පුද්ගලයා වේ.

ඊයේ(19) දිනයේ මහනුවර ප්‍රදේශයේදී භූමිතෙල් ලබා ගැනීම සඳහා පෝලිමක සිටි පුද්ගලයකු ද ඇද වැටී මියගියේ ය.

ඔහු 71 හැවිරිදි වියේ පසුවූ වත්තේගම, උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුදේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදු කිරීමට නියමිතය.