― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන සඳහා ණයවර ලිපි විවෘත කිරීමට පෞද්ගලික බැංකුවල සහය පතයි

ඉන්ධන සඳහා ණයවර ලිපි විවෘත කිරීමට පෞද්ගලික බැංකුවල සහය පතයි

ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට රාජ්‍ය බැංකුවලට අවශ්‍ය ඩොලර් ලබා ගැනීම සඳහා පෞද්ගලික වාණිජ බැංකුවල සහය ලබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවසර ලබා දී තිබේ.

බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේ, පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ජාවකදි එම අවසරය හිමි වූ බවයි.

ඒ අනුව ඉදිරියේදී දෛනික විනිමය අනුපාත අගයන් අනුව පෞද්ගලික වාණිජ බැංකු මගින් ඩොලර් මිලදී ගෙන ඉන්ධන මිලදී ගැනිමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීම සඳහා රාජ්‍ය බැංකුවලට සහය විමට ඛනිජ තෙල් සංස්ථාවට හැකියාව ලැබෙන බව අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

අමාත්‍යාංශ ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ඉහළ යාම හමුවේ ඉන්ධන රැගත් නෞකා වෙනුවෙන් ගෙවිම් කිරීමට රාජ්‍ය බැංකුවලට ප්‍රමාණවත් ඩොලර් නොමැති වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

එම තත්ත්වය තුළ පසුගිය 14වැනිදා මෙරටට ලඟා වූ ඉන්ධන නෞකාවක් නිදහස් කර ගැනීමට මෙතෙක් හැකිවී නොමැත.

බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, සිංගප්පුරුවේ සිට පැමිණි එම නෞකාවේ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් ඇති බව ය.

අදාල නෞකාවට ඩොලර් මිලියන 42.7ක් ගෙවීමට සිදුවී ඇති බවත් ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඩොලර් 18,000 බැගින් ගෙවීමට සිදුවන බවත් බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර ඉන්දියානු ණය පහසුකම යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ‍ඉන්ධන නෞකාවක් අද (20) දිනයේ මෙරටට පැමිණිමට නියමිතව ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, ඉන්දියානු ණය පහසුකම යටතේ පසුගිය 15 වැනිදා ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් ද මෙරටට පැමිණි බවය.

ඩීසල් රැගත් තවත් නෞකාවක් හෙට (21) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරටට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි ඇනවුම් කර ඇති නමුත් පවතින විනිමය අර්බුදය හමුවේ ගෙවීම් කිරිමේ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් නෞකා ප්‍රමාද වීම සිදුවිය හැකි බවය.