30 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherකාලගුණයෙන් ධීවරයින්ට අනතුරු ඇඟවීම්

කාලගුණයෙන් ධීවරයින්ට අනතුරු ඇඟවීම්

නැවත දැනුම් දෙනතුරු ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙනි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද (20) වනවිට පීඩන අවපාතයක් වී හෙට (21) දිනයේ සුළි කුණාටුවක් බවට පත්විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

මේ අතර බස්නාහිර , සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (20) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.