32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමගේ ඇමති පට්ටම දැන් විහිලුවක් වෙලා

මගේ ඇමති පට්ටම දැන් විහිලුවක් වෙලා

තමාගේ ඇමැති ධුරය දැන් විහිලුවක් බවට පත්ව ඇති බවත් වාසුදේව නානායක්කාර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉරිදා ජාතික පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදීය.

තමා ඇමති ධූරයෙන් ඉවත් නොවීමත් ජනපතිවරයා තමාව ඇමති ධූරයෙන් ඉවත් නොකිරීමත් විහිළු සහගත කරුණක් බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

මේ තත්ත්වය දේශපාලන උපායක්ද එසේත් නැතිනම් සැලසුමක්ද යන්න නිගමනය කිරීමට සිදුව තිබෙන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රකාශ කලේ තමා ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ වගකීම ආණ්ඩුවට පවරා තිබීම තමා ඇමති ධූරයෙන් ඉල්ලා අස් නොවීමට හේතුව ලෙසයි.

ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජල සම්පාදන අමාත්‍ය ධුරයේ කළ යුතු අත්‍යවශ්‍යම සේවාවන් එනම් ලිපි වලට අත්සන් තැබීම පමණක් තමා ගෙදර සිට කරන බවයි.