26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෝදිගේ ලංකා ගමන අවලංගුයි

මෝදිගේ ලංකා ගමන අවලංගුයි

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මේ මස අවසානයේදී නිරතවීමට තිබූ ශ්‍රී ලංකා සංචාරය හදිසියේ අවලංගු කොට තිබේ.

ඊට හෙතුවක් ඉන්දීය බළධාරීන් මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර ඉන්දීය අගමැතිවරයා යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණීමට නියමිතව තිබුණි.

එතුමාගේ මෙම සංචාරයේදී යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ඇතුළු උතුරේ අවස්ථා කිහිපයකට සහභාගිවීමට නියමිතව තිබුණි. ඉන් අනතුරුව ඔහු මෙරටදී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුව ඇමතීමටද නියමිත තිබුණි.

කෙසේ නමුත් සිය සංචාරය අත්හිටුවා, අන්තර්ජාලය ඔස්සේ බිම්ස්ටෙක් සමුළුව ඇමතීමට ඉන්දීය අගමැතිවරයා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.