― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසත පහක දැනීමක් නැති අය මුදල් ඇමතිකම් දැරීමෙන් රට අගාධයට යනවා

සත පහක දැනීමක් නැති අය මුදල් ඇමතිකම් දැරීමෙන් රට අගාධයට යනවා

රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධානම හේතුව ජනාධිපතිවරු මුදල් ඇමතිකම දැරීම බවත් මුදල් අමාත්‍යාංශය ගැන සත පහක දෙයක් නොදන්නා පුදිගලයන් මුදල් ඇමතිකම් දැරීම කනගාටුවට කරුණක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“ආණ්ඩුව කා ගත්තට අපිට කරන්න දෙයක් නෑ. ආණ්ඩුවේ තියෙන විවිධ ප්‍රශ්න නිසා රට අපහසුතාවට පත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු විටක ඉඩ තියන්නේ නෑ. මේ ජනාධිපති ධුරයෙන් (විධායක) ලැබුණ එකම දේ තමයි යුද්ධය පරාජය කරන්න ලැබීම.

හැබැයි එතනින් පස්සේ බලන්න ගත්ත හැම තීන්දුවක් නිසාම, කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශකයෝ පැත්තක තියලා ළමා රෝග විශේෂඥයෝ ගන්නවා මේ රටේ පොහොර ප්‍රශ්නය විසඳන්න. ඒකේ ප්‍රථිපලය තමයි මේ ඇතිවෙලා තියෙන්නේ.

ජනාධිපතිවරයා ආපුවාම කල්පනා කරන්නේ තමන්ට වැදගත් මිනිස්සු ටික ළඟ තියා ගන්න නෙමෙයි රස්තියාදු කාරයෝ ටිකක් ළඟ තියා ගන්න. උදේ ඉදන් රෑ වෙනකම් ජනාධිපතිතුමා ෂෝක් කියන අය තමයි හැමදාමත් ජනපතිවරු ගාව හිටියේ.

77න් පස්සේ මේ රට කඩා වැටෙන්න හේතුව තමයි ජනාධිපතිවරු ගිහිල්ලා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශය භාර ගැනීම. සත පහක දෙයක් දන්නේ නෑ මුදල් අමාත්‍යාංශය ගැන. එතකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට කියනවා මට ලොකු ලොකු බිල්ඩින් හදන්න ඕන. මට ලොකු ලොකු මාළිගා හදන්න ඕන. මට ලොකු ලොකු ව්‍යාපෘති හදන්න ඕන. මට කොහොන් හරි සල්ලි ටිකක් හොයලා දීපන්. සියයට පහට, සියයට හයට, සියයට හතට ණය ගන්නවා. මේ ප්‍රතිඵලය තමයි අද තියෙන්නේ.

දවස ගානේ අපි ණය කාරයෝ කරනවා. එක පුද්ගලයෙකුගේ පුද්ගලික වැඩපිළිවෙළකටයි මේ යන්නේ. මම නම් පුද්ගලිකව දකින්නේ මේ ජනාධිපතිකම අහෝසි කරන්න ඕන.”