29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalආණ්ඩුව ජනතා අවශ්‍යතා ඉටු කරමින් ඉන්නවා

ආණ්ඩුව ජනතා අවශ්‍යතා ඉටු කරමින් ඉන්නවා

කොරෝනා බලපෑම හා ආර්ථික අර්බුදයක් රටේ පැවැතියද වත්මන් ආණ්ඩුව ජනතා අවශ්‍යතා එකින් එක ඉටුකරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි.

රට පාලනය කරන්නේ ජනදුක හඳුනන සංවේදී නායකයන් පිරිසක් නිසා ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට අනිවාර්යයෙන් විසඳුම් ලබා දෙන බවත් ඒ වෙනුවෙන් රජයට සහාය දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

රටක පවතින අර්බුද විසඳීම, පැයෙන්, දවසින්, මාසෙන්, අවුරුද්දෙන් කළ නොහැකි බවත් ක්‍රමානුකූලව රටේ පවතින අර්බුද විසඳීම ආණ්ඩුවේ අපේක්ෂාව බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.