25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුම්රිය ගාස්තු ඉහළට?

දුම්රිය ගාස්තු ඉහළට?

දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සහ විෂයභාර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් අවස්ථා කිහිපයකදීම රජයෙන් ඉල්ලීම් කර ඇතත් තම සංගමය එම යෝජනාවට තරයේ විරුද්ධ වන බවයි.

රටේ පවතින අර්බුධකාරී තත්වය හමුවේ ජනතාව පීඩා විදින මෙම අවස්ථාවේදී දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවිය යුතු බව ඔවුන්ගේ අදහසයි. දුම්රිය ගාස්තු වැඩි නොකර විකල්ප ක්‍රම තුළින් දෙපාර්තමේන්තුව ලබන පාඩුව අවම කරගත හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඒ ඇතුළු කරුණු කිහිපයක් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.