31.1 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීය මත්පැන් හඳුනාගන්න නව ස්ටිකරයක්

දේශීය මත්පැන් හඳුනාගන්න නව ස්ටිකරයක්

අප්‍රේල් 01 වැනිදා සිට දේශීය මත්පැන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කර ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මාසයේදී ආරම්භ කර ඇති අතර එම ආරක්ෂිත ස්ටිකර් මුද්‍රණය කිරීමේදී මතු වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කල්දැමීමට සිදුව ඇත.

ඒ අනුව මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රමානුකූලව සිදුකෙරෙන බවත් ආරක්ෂිත ස්ටිකරය ඇලවීමට නොහැකි දේශීය මත්පැන් සඳහා ඩිජිටල් සලකුණක් යෙදවීම අනිවාර්ය කර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.