31.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස්නාහිර පළාතේ වාර විභාග නියමිත පරිදි

බස්නාහිර පළාතේ වාර විභාග නියමිත පරිදි

කඩදාසි හිඟය හේතුවෙන් කල්දැමීමට සැලසුම් කර තිබූ බස්නාහිර පළාත් පාසල්වල 9,10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි සපයා ගැනීමට මේ වනවිට හැකිවී ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල්වල 9, 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත කාලසටහනට අනුව මාර්තු 29 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව 6, 7 සහ 8 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග කටයුතු අද (21) සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නොනිස් ප්‍රකාශ කළේය.