― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාවේ ණය ගෙවීම ගැන චීනය පැහැදෙයි

ලංකාවේ ණය ගෙවීම ගැන චීනය පැහැදෙයි

ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් සතුටුදායක වාර්තාවක් තබා ඇති බව චීන තානාපති චී ෂෙන්හොන් පවසයි.

අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චී ෂෙන්හොන් කියා සිටියේ ශ්‍රී ලංකාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන 01ක මූල්‍ය පහසුකමක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය ආධාර මුදලක් ලබාදෙන ලෙස චීනයෙන් කළ ඉල්ලීම පිළිබඳ මේ වනවිට සලකා බලමින් සිටින බවයි.

“ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහ අභ්‍යන්තර තත්ත්වයන් කෙසේ වෙනස් වුවද චීනය ලංකාවට සලකන්නේ ළඟම මිත්‍රයෙක් ලෙසයි. කොවිඩ් වසංගතය ආරම්භ වූ සමයේ සිට ලංකාව මුහුණ දුන් අර්බුදවලට විසඳුම් ලෙස මේ දක්වා. චීනය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුල්‍ය පහසුකම් සපයා තිබෙනවා. ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ දක්වා හොඳ වාර්තාවක් තබා ඇති බවත් අපි කියන්න ඕන. ණය ආපසු ගෙවීමේ වාර්තාවන්ට අනුව අවසන් සතිය වනවිටත් ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම් නියමිත පරිදි සිදුකර තිබුණා. ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ දක්වා හොඳ වාර්තාවක් තබා ඇති බවත් අපි කියන්න ඕනේ. ඒ වගේම මෑතකදී ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. අමෙරිකානු ඩොලර් බිලියන 01ක මුල්‍ය පහසුකමක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය ආධාරයක් සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් චීන බලධාරීන් මෙය ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සලකා බලමින් සිටිනවා.”