විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ලබාදුන් දිරි දීමනා නතර කිරීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පාවීමට ඉඩ හැරීමට ගත් තීරණය සමග පවතින විනිමය අනුපාතිකය මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ප්‍රේෂණ සඳහා ඉහළ ප්‍රතිලාභයක් සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ඉහළ රුපියල් අගයක් ලැබෙනු ඇති බවට තීරණය කිරීම හේතුවෙන් රජය එම තීරණය ගෙන ඇත.